ව්‍යාපාරික ප්‍රජාවගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් ඔවුන්ගේ ව්‍යාපාරයන් නිෂ්පාදනයන් පිළිබඳව ඉලක්කගත පාරිභෝගිකයන් දැනුවත් කිරීම සඳහා දැන්වීම්, අත් පත්‍රිකා, ප්‍රචාරක තොරතුරු ඇතුලත් ලිපි,වෙළඳ සාම්පල යනාදිය ඉතාම සහනදායී ගාස්තු පදනමක් යටගත් ලිපිනයන් රහිතව් බෙදීමේ සේවාව ප්‍රචාරණ තැපැල් සේවයේදී සිදු වේ.
ප්‍රචාරණ තැපැල් භාණ්ඩ භාර දීම
ප්‍රචාරණ පත්‍රිකා අදාළ ව්‍යාපාරික ආයතනය විසින් ප්‍රචාරණය සිදු කළ යුතු ප්‍රදේශයේ ලිපි බෙදීම් සිදු කරනු ලබන තැපැල් කාර්යාලය වෙත භාර දිය යුතුය.
අවම වශයෙන් පත්‍රිකා පිටපත් දහසක් (1,000) හෝ ඊට වැඩිවිය යුතුය.
බෙදීම සඳහා භාරගනු ලබන ප්‍රචාරණ තැපැල් භාණ්ඩ
➢ මුද්‍රිත දැන්වීම , අත්පත්‍රිකා
➢ ප්‍රචාරක තොරතුරු ඇතුලත් ලිපි
➢ පාරිභෝගික සමීක්ෂණ හා තරඟ ආදියට අදාළ පත්‍රිකා
➢ වෙළඳ සාම්පල
දේශපාලන පක්ෂයකට අයත් ප්‍රචාරණ ලිපි මෙම සේවාව යටතේ යැවිය නොහැක.එමෙන්ම තැපැල් භාණ්ඩ තැපැල් කාර්යාල ව්‍යවෙස්ථා හා තැපැල් මගෙහි දැක්වෙන නීති රීති හා සම්මත ප්‍රමාණයන්ට අනුකූල විය යුතුය.
උපරිම බර
➢ ප්‍රචාරණ ප්‍රතිකාවක හෝ කට්ටලයක බර – 100g
➢ වෙළඳ සාම්පලයක බර – 100g
ගාස්තු
| පත්‍රිකාවක හෝ පත්‍රිකා කට්ටලයක උපරිම බර ප්‍රමාණය | පත්‍රිකා 1000 ක් හෝ ඉන් කොටසකට ගාස්තුව (රු.) (බෙදීම් කලාපය තුල) | පත්‍රිකා 1000 ක් හෝ ඉන් කොටසකට ගාස්තුව (රු.) (පරිබාහිර බෙදීමකදී) | වැඩිවන පත්‍රිකා 1000 ක් හෝ ඉන් කොටසකට ගාස්තුව (රු.) |
|---|---|---|---|
|
0 < W ≤20g
|
8000.00 |
Rs.10000.00
|
Rs.6000.00
|
|
20 < W≤40g
|
10000.00 |
Rs.12000.00
|
Rs.7000.00
|
|
40 < W≤60g
|
12000.00 |
Rs.14000.00
|
Rs.8000.00
|
|
60 < W≤80g
|
14000.00 |
Rs.16000.00
|
Rs.9000.00
|
|
80< W≤100g
|
16000.00 |
Rs.18000.00
|
Rs.10000.00
|
|
100< W≤120g
|
18000.00 |
Rs.20000.00
|
Rs.11000.00
|
වෙළද සාම්පලයක
| 0g-100g | පළමු සාම්පල 1000 හෝ ඉන් කොටසක් සඳහා රු. 20,000.00 | වැඩිවන සෑම සාම්පල 1000 හෝ ඉන් කොටසක් සඳහා |
|---|---|---|
|
සාම්පල භාරගනු ලබන කාර්යාලයෙන්ම බෙදා හැරීම සිදුකරන්නේ නම්
|
Rs.20,000.00
|
Rs.15,000.00
|
|
සාම්පල භාරගැනීම මාර්ගස්ථ කාර්යාලයකින් සිදුකරන්නේ නම්
|
Rs.30,000.00
|
Rs.25,000.00
|
ප්‍රචාරණ තැපැල් සේවාව සඳහා ඉල්ලුම් කිරීම
➢ ප්‍රචාරණ තැපැල් සේවාව යටතේ බෙදා හැරීමට අදහස් කරන ඉහත දක්වා ඇති ඕනෑම ආකාරයක පත්‍රිකාවක් හෝ වෙළඳ සාම්පලයක් සමඟ, ඒ සඳහා වූ ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කර අදාල තැපැල් කාර්යාලගේ තැපැල් ස්ථානාධිපති වෙත භාර දිය යුතු ය. (ඇමුණුම 01)
➢ නියෝජ්‍ය තැපැල්පති කාර්යාලය වෙතින් අනුමත කර ලබා ගදනු ලැබූ ADM අංකය හා වලංගු ව්න
කාල සීමාව් සෑම ප්‍රචාරණ පත්‍රිකාව්‍කම / සාම්පලයකම සඳහන් කල / මුද්‍රණය කල යුතුය.
ගාස්තු ගෙවීම
➢ ප්‍රචාරණ තැපැල් භාණ්ඩ තැපැල් ස්ථානාධිපති වෙත භාර දෙන ලබන අව්‍ස්ථාවේදී ප්‍රචාරණ ද්‍රව්‍ය
සංඛ්‍යාවට අදාල ගාස්තු ගෙවා ඊට අදාල ලදුපත ලබා ගත යුතුය.
ප්‍රචාරණ තැපැල් භාණ්ඩ යෙදීම
➢බෙදාහැරීම සඳහා අනුමැතිය ලද දින සිට සති දෙකක කාලසීමාවක් ඇතුළත ප්‍රචාරණ පත්‍රිකා / සාම්පල බෙදා අවසන් කෙරේ.
විමසීම්, පැමිණිලි සහ යෝජනා
දුරකතන අංක
➢ අලෙවිකරණ හා පර්යේශණ අංශය – 011 2695372
➢ සම්බන්ධිකරණ අංශය – 011 2325565
➢ ක්ෂණික ඇමතුම් -1950
විද්‍යුත් ලිපිනය
➢ අලෙවිකරණ හා පර්යේශණ අංශය – supdt.mkt@slpost.lk
➢ සම්බන්ධිකරණ අංශය – supdt.lis@slpost.lk



















