පාරිභෝගික භවතුන් වෙත කරනු ලබන කාරුණික නිවේදනයයි
මැදපෙරදිග රටවල පවත්නා ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලය, කටාර්, සෞදි අරාබිය සහ ලේබනන් යන රටවල තැපැල් කටයුතු නතර කර ඇත. ඒ අනුව ඊශ්‍රායලය, කටාර්, සෞදි අරාබිය සහ ලේබනන් වෙත තැපැල් භාර ගැනීම තාවකාලිකව නතර කර ඇත.
ගුවන් ගමන් අවලංගුවීම සහ නතර වීම හේතුවෙන් අනෙකුත් මැද පෙරදිග රටවල් වෙත යවනු ලබන විදේශ තැපැල් අයිතම දින නියමයක් නොමැතිව ප්‍රමාදවනු ඇතැයි අපේක්ෂා කෙරේ. යුරෝපිය සහ ඇමරිකානු ගමනාන්ත වෙත තැපෑල යැවීමේදී, ඔවුන්ගේ දිගු ගුවන් ගමන්වල මාර්ගස්ථ ඉහත රටවල ඇති බැවින්, ප්‍රමාදයන් අපේක්ෂා කෙරේ.
කෙටි කල් ඉකුත්වන දිනයන් සහිත ද්‍රව්‍යයන් විදේශ තැපෑලට භාර ගැනීම නතර කර ඇත.
ඉහත තත්වයන් යටතේ ඔබට සිදුවන අපහසුතාවයන් සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරමි.
නියෝජ්‍ය තැපැල්පති(මෙහෙයුම්)
යාවත්කාලීන කිරීම 2026-03-06
පාරිභෝගික භවතුන් වෙත කරනු ලබන කාරුණික නිවේදනයයි
2026 පෙබරවාරි 23 දින සිට ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඇමරිකා එක්සත් ජනපදය වෙත Delivered Duty Paid (DDP) හරහාතැපැල් භාණ්ඩ භාර ගැනීම අරම්භ කරනු ලැබේ.
නියෝජ්‍ය තැපැල්පති(මෙහෙයුම්)
යාවත්කාලීන කිරීම 2026-02-19

පාරිභෝගික භවතුන් වෙත කරනු ලබන කාරුණික නිවේදනයයි
තැපැල් දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනය සහ වෙබ් ලිපිනයේ ආකෘතිය අවභාවිතා කරමින් ගණුදෙනුකරුවන්ගේ ණය කාඩ්පත් තොරතුරු සොරා ගැනීම සඳහා වංචනික ලෙස සකස් කළ වෙබ් අඩවි සම්බන්ධයෙන් මහජන පැමිණිලි ලැබී ඇත. අදාළ පාර්ශ්ව සමඟ ඍජු සම්බන්ධතා මඟින් හෝ www.slpost.gov.lk නිල වෙබ් අඩවියේ සබැඳියක් ලෙස හෝ හැර දෙපාර්තමේන්තුව විසින් කිසිදු සේවා ප්‍රවර්ධනයක් සිදු නොකරන අතර පාර්සල් ලබා ගැනීම සඳහා මුදල් ගෙවන ලෙස ඉල්ලා හෝ ලිපිනය වෙනස් කිරීම සඳහා කිසිවිටෙක SMS යොමු නොකරන බව ද මෙවන් වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙස ද කාරුණිකව දන්වමි.
තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති(සංවර්ධන)
යාවත්කාලීන කිරීම 09-01-2026
පාරිභෝගික භවතුන් වෙත කරනු ලබන කාරුණික නිවේදනයයි
2026 ජනවාරි මස 01 දින සිට විදේශ ලියාපදිංචි සේවාව සඳහා ලිපි ද්‍රව්‍ය (document) පමණක් භාර ගැනීම සිදුවේ.
භාණ්ඩ (goods) කාණ්ඩයට අයත් ද්‍රව්‍ය විදේශ රටවල් වෙත තැපැල් කිරීමේ දී පාරිභෝගික ඔබගේ අවශ්‍යතාව අනුව පවතින අනෙකුත් විදේශ තැපැල් සේවා එනම්, පවත සෙවීමේ සේවා EMS, Track Delivery Service , විදේශ පාර්සල් සහ පවත සෙවීම් රහිත U Packet සේවාව භාවිතා කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි.
නියෝජ්‍යය තැපැල්පති (මෙහෙයුම්)
යාවත්කාලීන කිරීම 01-01-2026
සැපයුම්කරුවන් ලියාපදිංචිය – 2026 (භාණ්ඩ/ සේවා)
-යාවත්කාලීන කිරීම-2026-01-22
තැපැල් කාර්යාල ආඥා පනතේ (190 වැනි අධිකාරි) 45 වන වගන්තිය යටතේ සකස් කරන ලද රීතියයි. 2022/01/01 සිට 2022/12/31දින දක්වා නිකුත් කරන ලද මුදල් ඇණවුම් Click Here
යාවත්කාලීන කිරීම 2025-12-23
ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මහජනතාව හා ලියුම් කවර නිෂ්පාදකයන් වෙත කරනු ලබන නිවේදනයයි - මෙතන Click කරන්න
අපේ සේවාවන්
![]() |
![]() |
![]() |
||
| මෙරට තැපෑල | විදේශ තැපෑල | මුදල් හුවමාරුව | ||
| මෙරට ලිපි සඳහා මුද්දර මගින් ගාස්තු පෙර ගෙවීම් කල හැක.. | විශ්ව තැපැල් සංගමය එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ මව් සංවිධානය වන අතර ,.. | “මුදල් ඇණවුම” යනු කිසියම් මුදලක් තැපැල් කාර්යාලයෙන් ගෙවීම සඳහා දෙන නියෝගයකි … | ||
![]() |
![]() |
![]() |
||
| පිටරට අධිවේගී තැපැල | වටිනාකම අය කර භාණ්ඩ බෙදීමේ සේවාව | මෙරට තැපැල් කුරියර් සේවාව | ||
| (ඊ.එම්.එස්.) සේවාව ලිපි ද්‍රව්‍ය සහ වෙළඳ බඩු තැපෑලෙන් යැවීම සඳහා … | මෙම සේවාව අන්තර් ජාල ගත සේවාවක් වන අතර ඒ මගින් තැපැල් කල භාණ්ඩ වල පවත දැනගැනීම.. | |||
![]() |
![]() |
![]() |
||
| උපයෝජිත බිල්පත් ගෙවීම | අර්ථ සාධක/ සේවක භාර කාර අරමුදල් ගෙවීම | විභාග ගාස්තු ගෙවීම | ||
![]() |
![]() |
![]() |
||
| විශ්‍රාම වැටුප් ගෙවීම / සමාජ සුභසාධන ගෙවීම් | බැංකු සේවා | ඉ ටෙලිමේල් සේවාව | ||
![]() |
![]() |
![]() |
||
| මුද්දර නිෂ්පාදන | තැපැල් රක්ෂණ | වාහන දඩ මුදල් | ||






































