
ඉදිරි දැක්ම
නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීම තුලින් විශිෂ්ඨතම සබඳතා සහකරු වීම
මෙහෙවර (ගමන් මඟ)
විශ්ව තැපැල් සංගමයේ ප්‍රමිතීන් සහ ශ්‍රි ලංකා රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුගත වෙමින්, සේවාලාභී තෘප්තිය උපරිම තලයකට ගෙන ඒම සඳහා ප්‍රසන්න වැඩ පරිසරයක් තුල අහිප්‍රේරිත කාර්යමණ්ඩලය හා නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් වඩාත් නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය තැපැල් සේවාවක් සැපයීම.
ප්‍රධාන කාර්යයන්
- නායකත්වයේ මෙහෙයවීම මත සියලු පාර්ශව සමඟ එක්ව කණ්ඩායමක් ලෙස, ඕනෑම පාරිසරික හා සමාජීය වාතාවරණයක් යටතේ කාර්යක්ෂමව විශ්වාසනීය සේවයක් සැපයීම සහ ආදායම් ප්‍රවර්ධනය.
- නව තාක්ෂණික වෙළඳපොළ කේන්ද්‍රකොටගත්, තැපෑලේ අභිවෘද්ධිය සැලසිය හැකි උපාය මාර්ගික සැලැස්මක් අදාල පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් සකස්කර ක්‍රියාත්මක කිරීම.
- ප්‍රමුඛතම රාජ්‍ය සංනිවේදන ආයතනයක් ලෙස තැපෑලටම ආවේනික හර පද්ධතින් යාවත්කාලීන හා ප්‍රායෝගීකරණය කරමින්, අභිමානවත් සේවාවක් ලබාදීම සඳහා ආකල්පමය වෙනසක් ඇතිකිරීම.
- අඛණ්ඩව පුහුණු සැලැස්මක් හා විධිමත් කාර්ය සාධන ඇගයීම් ක්‍රමවේදයක් හඳුන්වාදීම තුලින් බල ගැන්වූ විනය ගරුක කාර්යය මණ්ඩලය, මහජන විශ්වාසය තහවුරු වන පරිදි සේවයේ යෙදවීම.
- නිසි වැඩ අධ්‍යනය, ආදායම් මත ශ්‍රේණිගත කිරීම හා සේවක අභිප්‍රේරණය තුලින් වඩාත් කාර්යක්ෂම සේවයක් සැලසීමෙන් දකුණු ආසියාවේ හොඳම තැපැල් කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම.
- තැපැල් කාර්යාල පද්ධතිය, සංචාරකයින්ද ආකර්ෂණය කල හැකි, මහජන විශ්වාසය දිනූ, බහුකාර්යය සේවාවන් සපයන වාණිජ මධ්‍යස්ථාන බවට පත්කිරීම.
- දිනපතා ගෙන් ගෙට සේවා සපයන පාරිභෝගික විශ්වාසය දිනූ තැපැල, නවීන අලෙවිකරණ ක්‍රමෝපායන් උපයෝගී කරගනිමින් වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් බවට පත්කිරීම.
- දෙස් විදෙස් සහය මත තාක්ෂණය උපරිමව යොදා ගනිමින් ආයතනයේ අභිවෘද්ධිය ලඟාකර ගැනීම.
- ප්‍රසන්නවූත් ආකර්ෂණීයවූත් කාර්යාල පරිසරයක් තුල සේවාවන් ලබාදීමෙන් පාර්භෝගිකයා අමන්දානන්දයට පත්කිරීම.
- විශ්ව තැපැල් සංගමයේ සාමාජිකත්වය දරණ, මහජන විශ්වාසය දිනූ, දීප ව්‍යාප්ත ජාලයකින් හෙබි, ශ්‍රී ලංකා තැපෑල , නව තාක්ෂණය මත පදනම් වූ තරඟකාරී වෙළඳපොළ ජයගැනීම.
- ලිපි බෙදීමේ ඒකාධිකාරය සුරැකෙන හා තරඟකාරිත්වයේ වාසි ලබා ගැනෙන නීති රීති සම්පාදනය කර තැපැල් භාණ්ඩ කාර්යක්ෂමව භාරගැනීම,ප්‍රවාහනය හා බෙදාහැරීම.
- සීග්‍රයෙන් දියුණුවන යටිතල පහසුකම් උපයෝගීකර ගැනීමෙන් සපයන සේවාවන්හි ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම.
- ගුණාත්මක,කාර්යක්ෂම පාරිභෝගික සේවාවක් සැපයීම උදෙසා විධිමත් උසස්වීම් පටිපාටියක් හා මාරුවීම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමෙන් කාර්ය මණ්ඩලය අභිප්‍රේරණය කිරීම.
- නව තාක්ෂණයට අනුගත, සියළු පාර්ශවයන්ට එකඟවිය හැකි ශක්තිමත්, විනිවිද භාවයෙන් යුතු විගණන හා විමර්ෂන ක්‍රමවේදයක් හඳුන්වාදීම.
- සීග්‍රයෙන් වර්ධනය වන ප්‍රචාරණ වෙළඳපොල වාසි නිර්මාණශීලීව ලබා ගන්නා අතර ආදායම් වැඩිකර ගැනීම සඳහා අදාල පාර්ශව සමඟ අවස්ථානුකූලව ඍජු තීරණ ගනිමින් සහායක සේවා කාර්යක්ෂමව යොදා ගැනීම.
- විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ අරමුණු ඉටුකෙරෙන ආකාරයට තැපැල් සේවාව වඩාත් පුළුල්කිරීම.
- සංවිධාන ව්‍යුහය ප්‍රතිසංවිධානය කර ,අදාලවන පරිදි නීති රීතිද සම්පාදනය කරමින් තරඟකාරීත්වයේ වාසි ලබා ගැනීම.
- වෘත්තීය සමීතිවල නිර්මාණශීලී දායකත්වය ආයතනයේ ප්‍රවර්ධනයට සහ කාර්මික සාමය ඇති කිරීමට සක්‍රීයව යොදා ගැනීම.
- කුසලතා පිරිපුන් බලකාය ,උදාවූ සාමයත් සමඟ සංනිවේදන සහ සමාජ සුභ සාධන කටයුතුවල මැනවින් යොදවමින් තැපෑල ප්‍රවර්ධනය.
- මුද්දර විනෝදාංශය දෙස් විදෙස්හි ප්‍රචලිත කිරීම මඟින් ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ජාත්‍යන්තරයට ගෙන යාම.
වර්තමානයේ තැපැල්කාර්යාල 4, 138 කින් සමන්විත ජාලයක් අප සතුව ඇත. ඒවා පහත පරිදි කොටස් කෙරේ.:
| තැපැල් කාර්යාල |
652
|
| උප තැපැල් කාර්යාල |
3354
|
| ග්‍රාමීය නියෝජිත තැපැල් කාර්යාල |
132
|
| වතු නියෝජිත තැපැල් කාර්යාල | |
| වතු නියෝජිත තැපැල් කාර්යාල | |
| එකතුව |
4138
|
මුහුදු බඩ පළාත් වල පිහිටවූ තැපැල් කාර්යා පහක් සමගින් 1798 තරම් ඈත අතීතයේ දී ලන්දේසීන් විසින් ශ්රීද ලංකා තැපෑල ස්ථාපිත කරන ලදී. අද එය සේවකයන් 19000 කට වඩා සේවය කරන අති විශාල සංවිධානයක් බවට වර්ධනය වී ඇත. ශ්‍රි ලංකා තැපෑල මිලියන 20 ක් තරම්වූ ජනගහනයක් සහිත ශ්‍රි ලාංකික වැසියන් ප්‍රමානයකට තම සේවාව සපයනු ලබයි. තැපෑල බිහිවූ දා සිට එය කුමන නමකින් හැඳින්වුවද තම සේවාව කැපවීමෙන් ඉටු කරනු ලබයි.
2004 වසරේදී මේ රටේ ජනගහනයෙන් සෑම පුරවැසියන් 2400 දෙනෙකුට එක් තැපැල් කාර්යාලයක් බැගින් තිබිණ. මෙය වෙනත් ආකාරයකින් ඉදිරිපත් කරන්නේ නම් සෑම කි.මි. 14 ක වර්ග ප්‍රමාණයකටම එක් තැපැල් කාර්යාලයක් බැගින් පිහිටා තිබුණි. අද වන විට අපගේ කාර්යාල වලින් වැඩි ප්‍රමාණයක් කාර්යක්ෂම සේවාවක් ගණුදෙනුකරු වෙත සැපයීමට උපකරණ වලින් සන්නද්ධ වී තිබේ.
අප සතු තැපැල් කාර්යාල 4,692 කින් විවිධ සේවාවන් සපයනු ලබයි. අප සපයනු ලබන සේවාවන් වල සාරාංශයක් පහතින් දක්වා ඇති අතර ඒවා පිළිබඳ තවත් විස්තර අපගේ වෙබ් අඩවියේ ඇත.
