නිවාඩු නිකේතනය වෙන් කරවා ගන්නා අයවලුන් සඳහා වන කොන්දේසි

  • නිවාඩු නිකේතනය වෙන් කරන සෑම අවස්ථාවකදීම සෑම වෙන් කිරීම කරනු ලබන පුද්ගලයා එම නිකේතනයේ නවාතැන් ගැනීම අනිවාර්ය කොට සලකනු ලැබේ.
  • නිවාඩු නිකේතනය වෙන් කරවාගෙන භාව්තා කරන අමුත්තන්ට මුතැන්ගෙය භාව්තා කිරීම කාමර තුල ඉවුම් පිහුම් කටයුතු කිරීම සහ වතුර උණු කිරීමද සපුරා තහනම්ය. එම අමුත්තන්ට ආහාරපාන පිළියෙල කර ගැනීමට අවශ්‍ය නම් නිකේතන භාරකරු සමඟ සාකච්චාකර ඔහුට අවශ්‍ය අඅමුද්‍රව්‍ය ලබා දී පිළියෙල කර ගත යුතුය.
  • සම්පූර්ණ ගාස්තුව නොගෙවා දෙපාර්තමේන්තු හෝ බාහිර පුද්ගලයෙකුට කිසඳු හේතුවක් මත නිකේතන වෙන් කරවා ගත නොහැක
  • එක් කාමරයක එක් වරකදී උපරිම වශයෙන් වැඩිහිටි පුද්ගලයන් දෙදෙනෙකු සහ වයස අවරුදු 18ට අඩු ළමයින් දෙදෙනෙකුට පමණක් නවාතැන් ගත හැක.
  • කාර්ය මණ්ඩලයෙන් හෝ බාහිර පුද්ගලයින්ගෙන් ලැබෙන ඉල්ලීම් වෙනුවෙන් පුර්වයෙන් කර ඇති රාජකාරි ගමන් සදහා නිකේතන වෙන් කිරීම වූවද කෙටි දැනුම්දීමකින් අවලංගු විය හැකි බව කරුණාවෙන් සලකන්න.
  • යම් වෙන් කිරීමක් අවලංගු කිරීමට අවශ්‍ය වූවහොත් වෙන් කරවා ගත් දිනට දින 08 ට පෙර වෙන් කිරීම සිදු කරනු ලැබූ ස්ථානයට දන්වා සිටිය යුතුය. ගෙවන ලද මුදලෙන් 20% ක් අඩුකර ඉතිරිය ආපසු ගෙවනු ලැබේ.
  • හදිසි අවස්ථාවකදී රාජකාරී අවශ්‍යතාවයක් මත එක් දිනක හෝ කෙටි දැනුම් දීමකින් නිකේතන වෙන් කිරීම් අවලංගු කිරීමට තැපැල්පතිට සිදු වුවහොත් එවැනි අවස්ථාවකදී අය කළ මුළු මුදලම ආපසු ගෙවනු ලැබේ. තවද වෙන් කිරීම් කරන ලද දිනකදී නිකේතන භාව්තා නොකිරීම නිසා අය කළ මුදල ආපසු ගෙවනු නොලැබේ.
  • මෙම සංචාරක නිකේතනයන්හි උත්සව සහ ප්‍රියසම්භාෂණ පැවැත්වීම සපුරා තහනම් වේ.
  • සංචාරක නිකේතනයේ ඇති පොදු සේවාවන් වන (දුරකථන විදුලිය) භාව්තා කිරීම සඳහා වන ගාස්තු නිකේතනයෙන් පිටවන අවස්ථාවේදී නිකේතන භාරකරුට ගෙවා ලදු පතක් ලබා ගත යුතු අතර ජලය පරිහරණය කිරීම අරපිරිමැස්මෙන් සිදු කල යුතුය.
  • සංචාරක නිකේතනයේ කාමර තුළ ඇති කුෂන් තිර රෙදි සහ ඇඳ ඇතිරිලි බිම අතුරා නිදා ගැනීම නොකල යුතුය.
  • සංචාරක නිකේතනය තුලට කිසිම විටෙකදී සුරතල් සතුන් රුගෙන ඒමෙන් වැලකිය යුතුය.
  • සංචාරක නිකේත භූමියේ ඇති මල් විසිතුරු පැළ සහ ශාක වලට හානි සිදු නොකළ යුතුය. දේපොළ හානියක් සිදු නොවන අයුරින් නීතිගරුකව හැසිරිය යුතු අතර යම් දේපොළ හානියක් සිදු වුවහොත් එය යථා තත්වයට පත් කිරීමට යන වියදම් නිකේතනය වෙන් කරවා ගත් අය විසින් දැරිය යුතුය.
  • බෝ වන රෝග හෝ අනෙකුත් පුද්ගලයන්ට පීඩානාරී තත්වයන් ඇතිවන අන්දමේ රෝගයකින් පෙළෙන අයෙකු වේ නම් නිකේතනවල නැවතීමට පැමිණීමෙන් වැලකිය යුතුය.
  • නිවාඩු නිකේතනයට පැමණි වහාම නිකේතනයේ භාරනරු වෙත අමුත්තන්ගෙ ලේඛණයේ විස්තර ඇතුලත් කිරීමට ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු අතර නිකේතනයට පැමිණි වේලාවන් සහ පිටවන වේලාවන් තහවරු කර ගෙන සටහන් කළ යුතුය.
  • නිවාඩු නිකේතනය පරිහරණය කරනු ලබන ඕනෑම පුද්ගලයෙකු නිවාඩු නිකේතනයන්හි රැඳී සිටින කාළය තුල යම් ව්ශමාර ක්‍රියාවකට සම්බන්ධ වන බව වාරථා වී නම් දැඩි විනය මාර්ග ගැනීමට දෙපාර්තමේන්තු පාර්ශවයට සිදුවනු ඇත.

  • කොවිඩ්-19 වසංගතය තත්ත්වයට අදාළව සෞඛ්‍ය අමාත්යාංවශය වෙතින් නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම
  • උණ සේමප්‍රතිෂාව හා කැස්ස වැනි රෝග ලක්ෂණ පවතීනම් හෝ පසුගිය මාස 06ක කාලය තුළ විදේශ සංචාරවල නිරතවුයේනම් නිවාඩු නිකේතනවල නවාතැන් ගැනීමෙන් වැළකීම
  • නිවාඩු නිකේතනයේ නවාතැන් ගන්නා සියලුමදෙනාගේ නම , ජතිකහැදුනුම්පත් අංකය , ලිපිනය හා දුරකථන අංකය යන තොරතුරු නිකේතන භාරකරුවන් වෙත සැපයීම


  • නිවාඩු නිකේතනය වෙන් කරවා ගන්නා අයවලුන් මෙම කොන්දේසි වලට එකඟ විය යුතුය